SHARE

Sunday, April 15, 2018

ඉන්දියාවේ 8 හැවිරිදි දැරිවියක් සමූහ දූෂණයට ලක්කර ඝාතනය කෙරේ


ඉන්දියාවේ 8 හැවිරිදි දැරිවියක් සමූහ දූෂණයට ලක්කර ඝාතනය කෙරේ
By Chathuranga Rajapaksha

15 Apr, 2018 | 10:40 PM

කාශ්මීරයේ 8 හැවිරිදි දැරිවියක් සමූහ දූෂණයකට ලක්කර ඝාතනය කර තිබේ.

හිමාලය ප්‍රදේශයේ එඩේර පවුලක හැදී වැඩුණු 8 හැවිරිදි පුංචි අසීෆා අතුරුදන් වුණේ පසුගිය ජනවාරි මාසයේදී ය.

ඇගේ සිරුර දින කිහිපයකට පසු හමුවුණේ, කතුවා නගරය අසල කෑලෑවක තිබියදී ය.

නමුත් මේ දිනවල ඇගේ ඝාතනය වැඩි කතා බහට ලක්වන පුවතක් බවට පත්වුණේ, සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හින්දු භක්තික පුරුෂයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනිමට එරෙහිව දක්ෂිණාංශික හින්දු කණ්ඩායම් විරෝධය පල කිරීම හේතුවෙනි.

අත්අඩංගුවට ගෙන සිටින පිරිස අතර විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙක්, පොලිස් නිලධාරීන් හතර දෙනෙක් සහ බාලවයස්කරුවෙකු ද සිටින බව ඉන්දීය වාර්තාවල සඳහන් ය.

ඉන්දීය වාර්තාවල දැක්වෙන්නේ, පුංචි අසීෆා දින ගණනාවක් දූෂණ කර, වධ දී අවසානයේ මරා දමා ඇති බව ය.

මේ අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුපිරි නළු කමල් හසන් පවසන්නේ, දැරිය මෙලෙස ඝාතනයට ලක්වීම ඉන්දියානුවෙක් ලෙස පිළිකුලෙන් යුතු ව හෙළා දකින බව ය.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි සෙල්ෆි වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හරිමින් ජනතාවගෙන් විමසන්නේ තමන්ගේ පවුලේ අයෙකුට මෙවන් ඉරණමක් අත් වුවහොත් නිශ්ශබ්දව බලා සිටිනවා ද යන්නයි.

මෙවන් සමාජයක ජීවත් වීම ලැජ්ජාවක් බව ද ඔහු එම වීඩියෝවේදී කියා සිටියේය.

No comments:

Post a Comment

The New QUAD in the Indian Ocean eyes Sri Lanka?

  I2U2 and Modi’s Visit to Colombo: The New QUAD in the Indian Ocean eyes Sri Lanka? Posted on April 16th, 2025 Ishani Agnihotri  An MOU to ...