Thursday 25 December 2014

மக்கள் நீதிக்கும் சுதந்திரத்துக்கும் எதிரானதே ஆளும்வர்க்கத் தேர்தல்!



Imageකැෆේ මැතිවරණ වාර්තා අංක 442014-12-24iconiconiconcaffe

දෙසැ. 24 දින පෙරවරු 6 දක්වා කැෆේ සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 514   කි.  එයින් 47   ක් ප්‍රචණ්ඩක්‍රියා වන අතර 467 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ 12000 කගේ තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රතික්ෂේප වීම

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයින් ඉදිරිපත් කළ තැපැල් ඡන්ද 55000 කින් තැපැල් ඡන්ද 12000 ක් ප්‍රතික්ෂේප වී තිබේ. හේතුවෙන්  ඊයේ (23) වන දින තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකිව ආපසු හැරී යාමට සිදුවිය.

මෙකී තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රතික්‍ෂේප වීම පිළිබඳව මෙම රාජ්‍ය සේවකයින් කල් ඇතුව දැනුවත් කිරීමට ද පියවරක් ගෙන නොතිබිණ.

 ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට බලපෑම්

ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ  නාවුක භටයිට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව එම පත්‍රිකාව සීල් කළ පෙට්ටියකට නොදමා  නිලධාරීන්ගේ අතට ලබාදෙන ලෙස  බලපෑම් කර තිබේ.

මෙලෙස නාවුක සෙබළුන්ට බලපෑම් කර ඇත්තේ යෝෂිත රාජපක්ෂ‍ ගේ බලපෑම මත බව ට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ද කැෆේ සංවිධානය වෙත පැමිණිලි කර තිබේ.

 බදුරලිය පොලිස් ස්ථානාධිපති වරයා එජාප ආධාරකරුවෙකුට පහර දෙයි

කළුතර දකුණ කුරුළුබැද්ද, අද්දරගොඩ , “අජිතවාස “ පදිංචි  සිරිපාල කුඹලාතොරආරච්චි ගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී තිබේ. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන කිසිදු දේශපාලන කටයුත්තක නිරත නොවන ලෙස මෙම මැර පිරිස තර්ජනය කර තිබේ. මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ බදුරලිය පොලිස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ කියයි.

 තැපැල් ඡන්දය නවත්වන්නැයි කැෆේ ඉල්ලයි

එජනිසයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාව ඊයේ පෙරවරුවේ රජයේ සහ පුද්ගලික  රුපවාහිනී නාලිකා මගින් සජීවිව විකාශනය කෙරිණ.

 තැපැල් ඡන්දය පැවැත්වෙන අතර එක් දේශපාලන පක්ෂයක් සජීවී රූපවාහිනී විකාශනයක් සිදු කිරීම ඇදහිය නොහැකි තරමේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමකි.එමෙන්ම මෙම සජීවි විකාශනය තැපැල් ඡන්දදායකයින් ලක්ෂ පහකට සෘජුව බලපෑම් කෙරෙන මෙම ක්‍රියාවකි.

මේ බව අවධාරණය කරමින් එම සජීවි විකාශය නවතා දැමීමට හෝ තැපැල් ඡන්ද විමසීම වෙනත් සුදුසු දිනයකට කල්දැමීම සුදුසු බවට කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයා වෙත දන්වා යැවීය.

එජාප ආධාරකරුවන්ට කටුවන උප සභාපති ගෙන් ගුටි

ඌරු බොක්ක මලගියතැන්න ප්‍රදේශයේ එජාප ආධාරාකරුවෙකු වන විල්බට් මහතාගේ නිවසේ පැවැති දේශපාලන සාකච්ඡාවකට පැමිණි  දෙදෙනෙකුට  කටුවන ප්‍රාදේශිය සභාවේ උප සභාපති වරයා විසින් පහර දී තිබේ. කටුවල ප්‍රාදේශිය සභාවේ උප සභාපති සංජීව යන අය වාහන 4කින් පැමිණ රොහාන් චමින්ද සහ ජේ කේ බන්දුල යන දෙදෙනාට පහර දී තිබේ.

අණ දෙන නිලධාරී තැපැල් ඡන්දයටත් අණ දීලා

කැකිරාව ගල්කිරියාගම ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක  බලකා පුහුණු පාසැලේ සෙබළුන්ට  සිය තැපැල් ඡන්දය එජනිස අපෙක්ෂකයාට ලබාදී තමාට පෙන්වා දමන ලෙස එහි අණ දෙන නිළධාරි මාරසිංහ නැමැත්තා උපදෙස් දී තිබේ.

තවද මෙම අණ දෙන නිළධාරියා සෙසු නිලධාරින්ගේ නිවාස වල  දේශපාලන රැස්වීම් පවත්වන බවට ද පැමිණිල්ලක් ලැබී තිබේ.

 ශ්‍රි ලංගම තැපැල් ඡන්ද මගඩියක

දිවයින පුරා පිහිටි ශ්‍රිලංගම බස් ඩිපෝ ආශ්‍රිතව පැවැත්වෙන තැපැල් ඡන්ද විමසීම් වලදී විශාල වශයෙන් ඡන්ද අක්‍රමිකතා සිදු කිරීමට රජයට සම්බන්ධ වෘත්තිය සමිති සුදානමින් සිටින බව වාර්තා වෙයි. විශේෂයෙන් වයඹ, බස්නාහිර, ඌව ආදී පළාත් වල මෙම අක්‍රමිකතා සහ බලපෑම් සිදුවීමේ අවධානමක් පවතියි. ඡන්දය ප්‍රකාශ කළේ කාටදැයි පෙන්වන ලෙස බලපෑම් කිරීම සහ ඡන්දය ප්‍රකාශ කිරීමට බලපෑම් කිරීම,එජාප පාක්ෂිකයින්ට තර්ජනය කිරීම   ආදී වශයෙන් මෙම අක්‍රමිකතා සිදු විය හැකි බව අණාවරණය වී තිබේ.

 තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ ස්ථානයට CCTV කැමරා යොදාගැනීම

කෝට්ටේ මහ නගර සභාවේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සකසා තිබු ස්ථානයේ CCTV කැමරා යොදා ඇති බවට පැමිණිල්ලක් ලැබිණ.මෙම කැමරා මඟින් ඡන්දය ප්‍රකාශ කිරීමේ රහස්‍ය භාවයට හානි කර තිබිණ.

ඡන්ද දායකයින්ට තර්ජනය කිරීම

පොලොන්නරුව ගල්කන්ද  යුධ හමුදා කඳවුරේ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයට  පැමිණි පිරිසක්  ඡන්ද දායකයින්ට බලපෑම් සිදුකර තිබේ.ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට අයත් බව තියන wp KB 1189 දරණ කැබ් රථයෙන් පැමිණි පිරිසක් මෙම බලපෑම එල්ල කර තිබේ.මෙම කඳවුරේ කාර්ය භාර නිලධාරියා වන්නේ මේජර් ජනරාල් ලලිත් ගුණවර්ධන මහතාය.

එකම අංකය සහිත වාහන 5ක්

අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා ගරාජ් අංක සහිත වාහන 5ක් යොදා ගනිමින් මැතිවරණ ප්‍රචාරණයේ නිරත වී තිබේ. Wpc 2014 / 15  අංකය සඳහන් මෙම වාහන පහේම සඳහන් වන අතර  ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් කැනපි රථයක්,ටොයෝටා හයි ඒස් සුදු පැහැ ඩබල් කැබ් රථය, ටොයෝටා හයිලක්ස් කළු පැහැ කැබ් රථය, මිට්ෂුබිෂි එල් 200 තද  අළු පාට කැබ්  රථය(රියදුරු අත්තනගල්ල ප්‍රා සභාවේ එජනිස  මන්ත්‍රී උපාලි සරත් කුමාර)

දෙනියායේ ජවිපෙ සංවිධායක වරයාට මැර ප්‍රහාරයක්

ජනතා විමුක්ති පෙරමුණේ දෙනියාය ප‍්‍රදේශයේ සංවිධායක වරයෙකු ද වන ඒ.ඞී. ආරියදාස මහතාට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.දෙසැම්බර් 22 වන දින  රාත‍්‍රි 12.30 ට පමණ  එජනිස අපෙක්ෂකයාගේ පෝස්ටර් අලවමින් සිටි පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර තිබේ." මූත් අරුන්ගෙ එකෙක් තමයි. උඹව පොලිසියට ගෙනියන්න ඕනි. අපි එෆ්.ටී.එෆ් එකේ "  යැයි කියමින්  තම  හිසට පිස්තෝලයක් තබා බියගන්වා  අතින් පයින් හා පොලූ මුගුරු වලින් පහර දුන් බව ආරියදාස මහතා කීය. අසල්වැසියන්ගේ පැමිණීමත් සමග මැර පිරිස පලාගොස් ඇති අතර ආරියදාස මහතා මේ වනවිට දැඩි අසාධ්‍ය තත්වයෙන් දෙනියාය මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිට මාතර මහ රෝහල වෙත මාරුකර යවා ඇත.(ඡායාරූප අමුණා ඇත)

කොලොන්නාවේ වෙඩිතැබීමක්

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීම සඳහා හෙට (24) කොලොන්නාවේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ප්‍රචාරක රැලියේ වේදිකාව ඉදිකිරමින් සිටි පිරිසට වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ.

ඩිපෙන්ඩර් රථයකින් සහ වෑන්රථයකින් ඔවුන් පැමිණ තිබේ. ගිනිඅවි දෙකකින් වෙඩිතැබීම සිදු කර ඇති අතර ඔවුන් පැමිණි වෑන් රථයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූප සහිත ස්ටිකර් අලවා තිබූ බවද පැවසේ.

එම අවස්ථාවේ පොලිස් නිලධාරීන්ද එහි සිට ඇත.කෙසේ නමුත් කිසිවෙකුත් මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නැත.

මාධ්‍ය ඒකකය/කැෆේ සංවිධානය                                          

2014 දෙසැ. 24

No comments:

Post a Comment

Xi meets Sri Lankan PM

This handout photograph released by Sri Lanka Prime Minister’s Office on March 27, 2024 shows Sri Lanka’s Prime Minister Dinesh Gunawardena ...